Showing posts with label CTB buses. Show all posts
Showing posts with label CTB buses. Show all posts

September 12, 2015

SLTB Polonnaruwa Depot bus on the way [Kaduruwela - Kalahagala route]


i love sltb_ www.ilovesltb.blogspot.com_SLTB_Sri lanka transport board_CTB


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොළොන්නරුව ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් බස් රථයක්[PL121],
කදුරුවෙල - කලහගල මාර්ගයේ ධාවනය වන අවස්ථාවක ලබාගත් ඡායාරූපයක්.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය '' බස් රථ වෙන්දේසිය '' | Sri Lanka Transport Board '' Bus auction '

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
'' බස් රථ වෙන්දේසිය ''
-------------------------------------
භාවිතයෙන් ඉවත් කරනළද අබිලි බස් රථ
මාදිලි- ලංකා අශෝක් ලේලන්ඩ් , ටාටා , ඉසුසු
වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයන්
2015 සැප්තැම්බර් 07 - කැස්බෑව ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 18 - යටිනුවර ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 25 - අම්පාර ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 30 - කිරිඳිවැල ඩිපෝව පෙ.ව.10.30
වෙන්දේසි දිනයට දින දෙකකට පෙර වෙන්දේසියට අදාළ බස් රථ එම ඩිපෝ අංගනයන්හිදී පරීක්ෂාකර බැලිය හැක.
වැඩිදුර විස්තර සහ කොන්දේසි අදාළ ඩිපෝවන්ගෙන් විමසා දැනගත හැක.
වෙන්දේසිකරු- ඩැලස් කෙලාට්ස් ඕක්ෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්.
www.auctionslk.com

September 4, 2015

SLTB Kataragama Depot- Leyland Bus

SLTB_Kataragama_Depot_Leyland_Bus_I LOVE SLTB_ilovesltb_SLTB_Kataragama_KTG_CTB_BUS_Sri Lanka_Transport_Board


නුවර එළිය - මහනුවර මාර්ගයේ, රම්බොඩ ඇල්ල ආසන්නයේදී කැමරාකාඩයේ සටහන් වුණු කතරගම ඩිපෝවට අයත් බස් රථයක්. 

July 21, 2015

British Leyland Double decker buses which preparing to Export to Sri Lanka


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb

එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන සේවය'' (London Transport Service) අයත්ව පැවති බ්‍රිටිෂ් ලේලන්ඩ්(British Leyland)  ඩබල් ඩෙකර් බස් රථයක්, කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ එවකට ලංකා ගමනාගමන මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත කරන ආකාරය.

British Leyland RTW Double decker & ISUZU bus (1972-1974)


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (එවකට ලංගම) අයත්ව පැවති, Leyland RTW මාදිලියේ ඩබල්ඩෙකර් බස් රථයක් සහ ISUZU බස් රියක් කැමරා කාචයට හසුවූ ආකාරය. 

July 19, 2015

Kandy city and Bus stand in 1987 with many CTB buses.


Ancient TATA CTB buses in Kandy city bus stand_ SLTB_ Sri _Lanka_Transport_Board.01



Ancient TATA CTB buses in Kandy city bus stand_ SLTB_ Sri _Lanka_Transport_Board.02


1987 වර්ෂයේදී මහනුවර නගරය හා බස් නැවතුම්පොළ කැමරාකාචයේ සටහන්වුණු ආකාරය. ඡායාරූපයන්හි  දක්නට ලැබෙන බස් රථ සියල්ලමපාහේ තනිදොර බස් රථ වීම විශේෂත්වයකි.

July 17, 2015

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය - ඉතිහාසයෙන් බිඳක්


first nationalized bus of sri lanka_Nittambuwa_depot_SLTB_Sri_Lanka_Transport_Board_CTB_SLTB.02_i love_sltb
ශ්‍රී ලංකාවේ පළමු ජනසතු බස් රථය.
මෙය වර්ථමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුව පවතී.

1907 වර්ෂයේ දිනක කොළඹ සිට හලාවත දක්වා මගීන් සඳහා ගමන් පහසුව සලසමින් පුද්ගලික බස් රථයක් ධාවනය විය. එය මෙරට බස් මගී ප්‍රවාහන සේවාවේ ආරම්භයයි. මෙයාකාරයෙන් ආරම්භයේ පටන්ම පුද්ගලික අංශයේ ආධිපත්‍යයට නතුවූ මෙරට බස් සේවාවේ නියුතු බස් රථ සංඛ්‍යාව, 1940 - 1950 පමණ වන විට සංඛ්‍යාත්මකව ඉතා විශාල අගයයක පැවතියද, ඉන් සැලසුණු සේවාවේ ගුණාත්මක තත්ත්වය අතිශය පහළ මට්ටමකට ඇද වැටී තිබුණි. සාමාන්‍ය ජනතාවට වෙනත් විකල්පයක් නොතිබුණු නිසා, ඉතා අඩු පහසුකම් ඇති පුද්ගලික බස් රථවල ගමන් කරමින් බස් හිමියන් විසින් හිතුමතේ අයකළ අසාධාරණ ගාස්තු අත්විඳීමට සිදුව තිබිණි.

ජරාජීර්ණ මට්ටමට පත්ව තිබූ බස් ප්‍රවාහන සේවය, බස් මුදලාලිලාගෙන් ගලවාගෙන, ජනතාව වෙනුවෙන් සැබැවින්ම කැපවුණු නැවුම් ආකාරයේ රාජ්‍ය බස් සේවාවක් අරඹන බවට ලබාදී තිබූ පොරොන්දුවක් අනූව එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1958 ජනවාරි පළමුවැනිදා , ශ්‍රී ලංකාවේ බස් සේවාව ජනසතු කර, ''ලංකා ගමනාගමන මණ්ඩලය'' (වර්තමානයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) පිහි‍ටුවන ලදී.    1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත මගින් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කිරීමෙන් 'ලංගමය' පිහි‍ටුවීමත් සමග  ආසියාවේ බස් ගමනාගමනය ජනසතු කළ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එකතුවිය.

June 6, 2015

Driver Training School TATA 1210 - SLTB Mathale Depot


Sri lanka Transport board (SLTB) Mathale depot Driver training school classic TATA 1210 bus_ I LOVE SLTB_ ilovesltb.blogspot.com

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝවේ [ML] රියදුරු පුහුණු පාසලේ, රියදුරු පුහුණුව සඳහා භාවිතාවන TATA 1210 මාදිලියේ බස් රථය.
2008 වසරේදී ලබාගත් ඡායාරූපයකි.

NA 1346_ SLTB Muthur Depot



ශ්‍රී ලංගම මුතූර් ඩිපෝවට අයත් NA 1346 අංක දරන ලංකා අශෝක් ලේනන්ඩ් බස් රථය.
මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ 2013 අප්‍රේල් 05 දිනයි.

May 20, 2015

ශ්‍රී ලංගම - "ජාතියේ ගමන් සගයා; මුදල් උදෙසා නොව මනුස්සකම උදෙසා" | SLTB - only for humanity; not for money

AP SLTB vs Privet Bus strike_CTB_BUS_Sri Lanka Transport board_I love sltb_ILOVESLTB

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ගමන්වාර කප්පාදු කරන්නැයි ප්‍රධාන ඉල්ලීමත් තවත් අසාධාරණ හා අන්තනෝමතික ඉල්ලීම් කිහිපයකුත් මුල් කරගෙන, රජරට පුද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් පසුගිය 20 වැනිදා (2015 මැයි 20) එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණි.

AP SLTB vs Privet Bus strike_CTB_BUS_Sri Lanka Transport board_I love sltb_ILOVESLTB