ඇතැම් නොහික්මුණු රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් මගීන් සඳහා බස් රථය නතර නොකොට ඔවුන් මහමග දමා යාමේ ගැටලුව අදක ඊයේක නොව ශ්‍රී ලංගමය ආරම්භයේ පටන්ම අසන්නට දකින්නට ලැබුණු ගැටලුවකි. ශ්‍රී ලංගම පවත්වාගෙන යාමට අවැසි මුදල් ලබාගන්න ප්‍රධානතම ක්‍රමය ලංගමය සතු ධාවන අවකාශය මගීන් වෙත අලෙවි කිරීමයි.
එමෙන්ම ලංගමය පිහිටවනු ලැබුයේද සාමානය්‍ය පන්තියේ මගී ජනතාව වෙනුවෙන්ය. ඉඳින් මෙසේ ඔවුන් මහ මග දමායාම සිදු නොවිය යුත්තක්ම වේ.
මේ ගැටලුව නිසාම ලංගමය පිහිටවූ දිනයේ පටන් අද දක්වා දඬුවම් ලැබූ රියදුරු,කොන්දොස්තර සංඛ්‍යාව මෙතැකැයි කිව නොහැක්කේය.
එකල බස් රථවල ගමනාන්තය දැක්වීමට යොදාගනු ලැබූයේ වර්ථමානයේ මෙන් තනි ගමනාන්ත පුවරු නොවේ. එකල තිබුණේ ඝනකම් රෙද්දකින් සාදාගත් රෙදි රෝලරයකි. මේ රෙදි රෝලේ අදාල ඩිපෝවෙන් ධාවන සේවා සිදුකරන සියලුම ගමනාන්තයන් මුද්‍රණය කර තිබුණි. එබැවින් කිසියම් බස් රියක් එහි සාමාන්‍ය ගමනාන්තයෙන් ඉවත්කර වෙනත් මාර්ගයක ධාවනයට යෙදූවද අලුතෙන් ගමනාන්ත පුවරු සොයමින් හෝ කාඩ්බෝඩ් කැබැලි වල ගමනාන්තය ලියමින් වෙහෙසීමට සිදුවූයේ නැත. එක ගමනාන්ත රෝලරයක සියලු ගමනාන්ත සටහන්ව පවතින නිසා රෝලරයේ හැඬලය කරකවා තමන්ට අවැසි ගමනාන්තය දිස්වන පරිදි සකසාගැනීම ඉතා පහසු ක්‍රියාවක් විය.
![]() |
ගමනාන්ත රෝලරයේ එක් මාදිලියක් pix by Uthpala Dhilhan |
එහෙත් ඇතැම් කූට කොන්දොස්තරවරුන් හා රියදුරන් මගීන් සඳහා බසය නොනවත්වා ධාවනය කිරීමට අවශ්‍ය වූවිට මෙම ගමනාන්ත රෝලරය කරකවා වෙනත් මාර්ගයකට අදාල ගමනාන්තයක් දිස්වන පරිදි සකසාගැනීමට පුරුදුවී සිටියහ. මේ හේතුව නිසාම පසුකාලීනව ගමනාන්ත රෝලරය ශ්‍රී ලංගම බස් රථ තුළින් ඉවත්වුණු අංගයක් බවට පත්විය. විකල්පය ලෙස හඳුන්වාදුන් ගමනාන්ත පුවරු වර්ථමානයේද භාවිතා කරනු ලැබේ.
ඒ 1974 වර්ෂයේ දිනක හිමිදිරි පාන්දර යාමයයි.
හිමිදිරියේ මීදුම කපාගෙන ඉදිරියට ඇදෙමින් තිබුණේ කැස්බෑව ඩිපෝවට අයත් බස් රථයකි.
තිඹිරිගස්යායට ආසන්නව පිහිටි හුදකලා බස් නැවතුමක සිටි කොට කලිසමකින් සහ රතු ටී ෂර්ට් එකකින් සැරසී හිසේ ජටාවක් බැඳගත් මගියෙක් බස් රිය නතර කිරීමේ සංඥාව වශයෙන් අත දික් කලේය. උදෑසනම තැන තැන නතර කරමින් මගීන් නංවාගැනීමට උදාසීන වූ රියදුරා අසල සිටි කොන්දොස්තර වරයාට සංඥාවක් කළේය. කොන්දොස්තර වරයා වහා ගමනාන්ත පුවරුව කරකවා බස් රියේ ගමනාන්තය වෙනස් කළේය. මගියාගේ නැවතුම් සංඥාව නොතකා බස් රිය ඉදිරියටම ධාවනය විය.
බස් රියේ යන්නට සිටි මගියා වහා දිවගොස් බස් නැවතුම පිටුපස කෙසෙල් පඳුරක් අසල නතරකර තිබූ ෆියට් වර්ගයේ මෝටර් රථයට ගොඩවී සැර දමා බස් රිය හඹායන්නට විය.
බස් රිය නාරාහේන්පිට බස් නැවතුමට ළඟාවනවිට එහි වේලාසටහන්කරු අතේ රතු කාඩ්පත් දෙකක් තිබුණි. ඒ පෙරකී බස් රියේ රියදුරාටත් කොන්දොස්තරටත් දෙන්නටය.
"අද දින සේවා නිමාවෙන් පසුව වහාම නාරාහේන්පිට ප්‍රධාන ධාවන කළමණාකාරතුමා හමුවන්න"
එහි සටහන් කර තුබුණි.
කොන්දොස්තරටත් රියදුරුටත් හිමිදිරි සිසිලසද නොතකා දහඩිය දමා තිබුණි.
අවසාන ප්‍රතිපලය පැහැදිලිය
.
කොන්දොස්තර නුවරැළිය ඩිපෝවටත් , රියදුරු මුත්තූර් ඩිපෝවටත් දඬුවම් මාරුවීම් ලබාදී තිබුණි. ඒ ශ්‍රී ලංගම සභාපතිවරයාගේ අණිනි.
එදා කොටකලිසමක් ටී ෂර්ට් එකක් හැඳ ජටාවක් බැඳ හිමිදිරියේ මහමග සිටි මගියා වෙන අයෙක් නොවේ.
ඔහු එකල ශ්‍රී ලංගම සභාපතිවරයා ය.
ශ්‍රී ලංගම ස්වර්ණමය යුගයේ නියමුවාය.
"අනිල් කුමාර් මුණසිංහයන් ය"
හරිම අන්ප්‍රොඩක්ටිව් සභාපති කෙනෙක්!
ReplyDeleteඔය වගේ මයික්‍රෝ මැනේජ්මන්ට් කරන්න යන්නේ නෑ හොඳ කළමනාකරුවෝ!
කතන්දර,
Deleteඔබේ අවබෝධය වැරදියි.
අනිල් මුණසිංහ කියන්නේ ශ්‍රී ලංගමයේ එදා මෙදා සිටි හොඳම සභාපතිවරයා. ලංගමය සේවාවක් වශයෙන් වැඩිම ලාභ ලැබූයේත්, හොඳම මහජන සේවාවක් සැපයූවේත්, හොඳම පරිපාලනයකට නතුවූයේත් එතුමාගේ කාලයේදීයි.
අදටත් ඒ කාලය "ලංගමයේ ස්වර්ණමය යුගය" කියලයි හඳුන්වන්නේ.
මයික්‍රෝ මැනේජ්මන්ට් කරන එක සබාපතිකමට හොද නෑ ඒත් සමහර අවස්තාවල අපිට අදාල රාමුවෙන් පිට යන්න වෙනවා අනික මේක පබ්ලික් ප්‍රොපර්ටි එකක් ඒකින් රටට හොදක් වෙනවානම් මම ඒක් වැරද්දක් විදිහට දකින්නෙ නෑ
DeleteNO, NO ANIL MUNASINGHE WAS A GOOD CHAIRMAN
ReplyDeleteYeah..absolutely true (y) :)
Deleteඅනිල් මුණසිංහ යුගය තමයි ලංගමයේ හොඳම කාලය කියලා කියන්නේ. අපේ තාත්තා කියන්නේ අනිල් සහ ලංගමය නිවුන්නු කියලා. කොහෙද 1994දී ඒ මනුස්සයාව පැත්තකින් තියලා සීටීබී බස් එකක ගිහිල්ලාවත් නැතුව ඇති ශ්‍රීමනි ඇතුලත්මුදලිට දුන්නා ප්‍රවාහන ඇමති කම.
ReplyDeleteඔබේ තාත්තාගේ කතාව සහතික ඇත්ත.
Deleteඔවුන් බොහෝවිට ඒ වාසනාවන්ත කාලය අත්දකින්න ඇති.
ඊට පසු කාලයේ පත්වීම් නම් ගැටළුසහගත බව සැබැවි.