August 10, 2014

New Buses to Sri Lanka Transport Board | ශ්‍රී ලංගමට අලුත් බස්.


     ගමන් සගයාට අලුත් බස්


ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රථ ඇණිය පුළුල් කිරීමේ අරමුණෙන් ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ගෙන්වීමට නියමිත බස් රථ 2200න් පළමු කොටස පසුගියදා මෙරටට ළඟාවිය. මෙම මුල් බස් තොගයෙන් බස් 100ක් පසුගියදා ඌව පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ සඳහා බෙදා දීම සිදුවිය.
මෙ බස් රථ වලින් ආසන 54 බස් රථ දුර ගමන් සේවා සඳහාත්, ආසන 42  රථ කෙටි  දුර සේවා සඳහාත් යෙදවීමට නියමිතය.

මෙසේ ගෙන්වීමට නියමිත 2200න් යුත් බස් රථ වලින් 1200ක් සඳහා මූල්‍යමය ප්‍රතිපාදන පසුගිය අයවැයෙන් ලැබී ඇති අතර ඉතිරි බස් 1000 ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම හරහා කල්බදු ක්‍රමය යටතේ මිලට ගැනෙනු ඇත.


ශ්‍රී ලංගම සදහා ලැබුණු නව LAL Turbo ආසන 54 බස් රථ ලේලන්ඩ අංගයනය තුලදී.


ශ්‍රී ලංගම කෙටි දුර ධාවනය සදහා ආනයනය කල,
 ආසන 42 නව අශෝක ලේලන්ඩ ටර්බෝ බස් රථය
ක්.


ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝව සදහා ලැබුණු,
 මුල්ම LAL Turbo ආසන 54 සහිත බස් රථය - NB-8141



ශ්‍රී ලංගම සදහා ලැබුණු ආසන 42 LAL සාමාන්‍ය සේවා බස් රථය.
මෙම මාදිලියට කුඩා ඩිකියක් ඇති අතර පසුපස විදුරු 2 කින් යුතුය



ශ්‍රී ලංගම ආසන 42 LAL Turbo බස් රථයේ ආසන සැකසුම

ශ්‍රී ලංගම කැප්පෙටිපොල ඩිපෝව සදහා ලැබුණු,
 නව LAL Turbo ආසන 54 බස් රථය  NB-8147


ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව සදහා ලැබුණු,
 නව LAL Turbo ආසන 54 බස් රථය NB-8132


ඔරුගොඩවත්ත සේදවත්තේ පිහිටි අශෝක් ලේලන්ඩ් අංගනයේ සිට
 
හෝමාගම LAL සංකීර්ණය වෙත පැමිණි ශ්‍රී ලංගම සදහා ආනයන කල ආසන 42 LAL Turbo නව බස් රථයක්
ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව සදහා ලැබුණු,
 නව LAL Turbo ආසන 54 බස් රථය  NB-8129


ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව සදහා ලැබුණු,
 නව LAL Turbo ආසන 54 බස් රථය NB-8129


නව බස් රථ වල අඩංගු නව උපාංග

ශ්‍රී ලංගම සදහා ලැබුණු නව LAL Turbo,
 ආසන 54 බස් රථ සදහා සවිකර ඇති Digital නාමපුවරුවක්



ශ්‍රී ලංගම සදහා ලැබුණු නව LAL Turbo ආසන 54 බස් රථ තුල සවිකර ඇති,
 හදිසි දොරටුව ඇතුලත යතුරු පුවරුව




ශ්‍රී ලංගම සදහා ලැබුණු නව LAL Turbo ආසන 54 බස් රථයේ,
 හදිසි අවස්ථාවකදී පිටුපස වීදුරුව බිදීම සදහා සවිකර ඇති මිටිය 

.
ශ්‍රී ලංගම ලැබුණු නව LAL Turbo ආසන 54 බස් රථය  තුල ඇති නවීකරණය කල අත් වැල් 




ශ්‍රී ලංගම සදහා ලැබුණු නව LAL Turbo ආසන 54 බස් රථ සදහා පමණක් සවිකර ඇති,
  GPS තාක්ෂනය සහිත කැමරා.






මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට විවිධ වූ යෝජනා ඉදිරිපත් කෙරිණි. ඇතැම් යෝජනා හමස් පෙට්ටියට ගියේය. එහෙත් වත්මන් රජය මඟී ජනතාවගේ පොදු ප්‍රවාහන සේවාව වැඩි දියුණු කිරීමටත් කාර්යක්ෂම කිරීමටත් කටයුතු යොදා ඇත. එහිදී මෙරට ලංගම බස් සේවාව ඉහළම මට්ටමකට නැංවීම සඳහා බස් රථ 3000ක් ගෙන්වීමට පියවර ගෙන ඇත. එහෙත් ඊට එදිරිව පෞද්ගලික බස් සංගම් විවිධ ගෝරනාඩු පටන්ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් මෙන්ම මෙරට බස් රථ සේවාව සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා දැක්වූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

ලංගමට නව බස්රථ 3000ක් චීනයෙන් ආනයනයට සැලසුම් කර තිබෙනවා. බස් රථ ආනයනයෙන් පමණක් පොදු ප්‍රවාහන සේවාව දියුණු කළ හැකි යැයි ඔබ සිතනවාද?

දැනට අප සතුව බස් රථ 5200ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ. එයින් 3000කට වඩා බස් රථ සංඛ්‍යාවක් වසර 10කට වඩා පැරැණියි. සාමාන්‍යයෙන් බස් රථයක් කිලෝමීටර් ලක්ෂ 5ක් දුවන කොට එහි වටිනාකම, කාර්යක්ෂමතාව 0%ක් වනවා. අපේ දුවන බස්වලින් වැඩි ප්‍රමාණයක් කිලෝමීටර් ලක්ෂ 10ක් 15ක් පමණ දුවපු ඒවා. එවන් බස් රථවලින් හොඳ මඟී සේවාවක් සපයන්න බැහැ. විශේෂයෙන්ම එය මඟී ආරක්ෂාවටත් තර්ජනයක්. අනතුරුවලට ලක්වීම වගේම පරිසර දූෂණයත් ඇතිවනවා.

එම නිසයි නව බස් රථ ආනයනයෙන් ලංගම ශක්තිමත් කළ යුත්තේ. කලට වේලාවට බස් රථ ධාවනය කළ හැක්කේ බස්රථ ඇණිය ශක්තිමත්ව නියමිත සංඛ්‍යාව තිබුණොත් පමණයි.

ඒත් පෞද්ගලික බස් සංගම් කියන්නෙ වෙනම කතාවක්. මේ බස් රථ ආනයනයෙන් ලංගමත්, පෞද්ගලික බස් රථ සේවයත් කඩාවැටෙන බව ඔවුන් කියනවා. එමෙන්ම බස් රථ 3000ක් ලංගමට ආනයනය කළොත් වර්ජනය කරන බවත් ඇතැම් සංගම් අනතුරු අඟවා තිබෙනවා.

ඕනෑම ප්‍රකාශයක, තර්ජනයක, වර්ජනයක පදනමක් තියෙන්න ඕන. බස් රථ 3000ක් ලංගමට ආනයනය කිරීමෙන් ලංගම වැටෙන්නෙ කොහොමද? අනිත් එක මේ වන විට ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහන් සකස් කිරීම අරඹලා තියෙන්නෙ. කාල සටහන් හදන්නෙ ලංගම 40%ක් සහ පෞද්ගලික 60%ක් ගමන් වාර අනුපාතයට. ඒ අනුව ලංගම බස් 2ක් යන විට පෞද්ගලික බස් රථ 3ක් ධාවනය වනවා. ඒ විදිහට බලනකොට දැනට ධාවනයේ තියෙන පෞද්ගලික බස් රථ 22000ක් විතර ප්‍රමාණයට ලංගම බස් රථ 13400ක් ඕන වෙනවා. දැනට තියෙන්නේ බස් 5200යි. තවත් බස් 8200ක් වත් ඕන. දැන් ගේන්නෙ බස් 3000යි. ඒ ගේන කොටත් තියෙන බස් කීයක් ඇණියෙන් ඉවත් කරන්න වෙයිද දන්නෙ නැහැ.


එහෙනම් ඇයි මේ පෞද්ගලික බස්රථ හිමියන් මේ ගැන මේ තරම් බියෙන් පසුවන්නේ. වර්ජන තර්ජන ගෙන එන්නේ?

මේ බිය, තේ කෝප්පයේ කිඹුලන් දැකීමක් හැටියටයි මම දකින්නේ. මඟී ප්‍රවාහනයෙන් ලංගම 23%ක් පෞද්ගලික බස් 43%ක් දායකත්වය ලබාදෙනවා. මෙහිදී ඉදිරියේදී තරගකාරිත්වයක් ඇතිවන නිසා ඔවුන් බිය වී ඇති බවක් පෙනෙන්නේ. මඟියාට ගුණාත්මක සේවාවක් කඩිනමින් ලබාදෙන සේවාව ගැන මඟියාගේ වැඩි විශ්වාසයක් තියෙනවා.

ඔය කෑගහන සංගම් දන්නවා ගුණාත්මක මඟී සේවාවක් ලංගමෙන් ලැබෙන බව. ඒ වගේම පෞද්ගලික බස් රථවලින් මඟියාට ගමන් පහසුව සැලසුණත් ආරක්ෂාකාරී බව, ගුණාත්මක බව වගේම විශ්වසනීයත්වයක් නැහැ. ඒ වගේම කඩිනම් ප්‍රවාහන සේවාවක් ලබා දෙනවා නම් ඒ මාර්ග කිහිපයක විතරයි. මාධ්‍යවල ජනතා ඉල්ලීම් දිහා බලන්න. හැමතැනම තියෙන්නෙ ‘අපේ පාරේ බස් නෑ’ ‘කොට කොට යන බස්’, ‘බස් රථයට කලින් අපට පයින් යන්න පුළුවන්’ මේ වගේ විස්තර දිනපතාම දකින්න තියෙනවා. මේ තත්ත්වය උඩ ගුණාත්මක සේවාවක් මඟියාට නැහැ. ඒ තත්ත්වය මත මඟියා පෞද්ගලික බස් රථයෙන් ඈත් වෙයි කියන බය ඔය සංගම්වලට තියනෙවා. ඒකයි කෑගහන්නෙ. අනිත් එක ඕනෑම පොඩි දරුවකුට වුණත් තේරෙනව 13400ක් වෙන්න ඕන ලංගම රථ ඇණිය තවම තියන්නෙ 5200 නම් තව බස් කොච්චර ඕනද කියල. කොහොමත් ඔය වර්ජනවලට අපි බය නැහැ.

ඩිපෝවල අබලි බස් ගොඩගැහිලා. සමහර බස් ඇතුළෙ උස ගස් පැළවෙලා. මේ සඳහා කිසිදු විකල්පයක් නැද්ද? අනිත් කරුණ ගර්හිත බස් රථ ලංගම වෙන්දේසි කරනවා. පෞද්ගලික අංශය ඒවා හදාගෙන දුවනවා. ඇයි ලංගමටම ඒක කරන්න බැරි?

අබලි බස් ටෙන්ඩර් මඟින් ඉවත් කරගෙන යනවා. බස් සොහොන් ඩිපෝවල තියන්න ඕනැ නැහැ. අපි ගන්න පුළුවන් තරම් වැඩ අරගෙනයි බස් එක පැත්තකට දාන්නෙ. ඒ දාලත් පුළුවන් හැම අමතර කොටසක්ම ගන්නවා. ටෙන්ඩර් කැඳවලා විකිණීමත් විධිමත්ව කළ යුතුයි. රාජ්‍ය ව්‍යූහය තුළ සියල්ල කරන්න ඕන බව මතක තබා ගන්න ඕන. අනිත් කරුණ මම කලිනුත් කිව්ව අපේ හුඟක් බස් අවුරුදු 10ක් 15ක් පරණ ඒව කියලා. මඟියාට ආරක්ෂිත ප්‍රවාහනයක් අපිට ඒ තුළින් දෙන්න බැහැ. අමතර කොටස් නියම ප්‍රමිතියෙන් යොදන්න ඕන. ඩිෆරන්සල් වගේ වැදගත්ම අමතර කොටස් නිසි පරිදි ක්‍රියා කරන්න ඕන. එහෙම නැතුව යන්තම් හදල පාරට දාල අපිට මේ සේවාව කරන්න බැහැ. පෞද්ගලික අංශයෙන් ඒ බස් අරගෙන යන්තම් අටවාගෙන දුවනවා. රෑට බස් හිමියයි ගෝලයොයි අඩුපාඩු හදල උදේට ආයිත් දුවනවා. රාජ්‍ය ආයතනයකට එහෙම කරන්න බැහැ.


" ලංගම බස් සේවාව ලාබ සොයන සේවාවක් නෙමෙයි. ලංගම මඟින් සලසන සේවාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. අද පාසල් සිසුන් වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන යන්නේ ලංගම බස් රථයේ. වැඩිහිටි වාර ප්‍රවේශ පත් නිකුත් කරනවා. පොලිසිය, හමුදාවට සුබසාධන සේවා සපයනවා. මේ සියල්ලම අපි කරන්න ඕන. ඒ අතරෙ ගමට යන අන්තිම රාත්‍රි බස් සේවාවත් අපි පවත්වාගෙන යනවා. කොළඹින් අනුරාධපුරට පෞද්ගලික බස් එකේ යන මඟියට මඟින් බැහැල රාජාංගනයට යන්න බස් එක අපි දෙන්න ඕන. ඒ වගේම වැඩි වශයෙන් පෞද්ගලික බස් රථ හෝ තිබෙන මාර්ගවලට බස් රථ යොදනවා වෙනුවට බස් රථ වැඩි වශයෙන් අවශ්‍ය එහෙත් බස් රථ අඩු මාර්ගවලට අප අවධානය යොමු කරනවා. මා මුලින් කීවාක් මෙන් එහිදී ලාභය නොව සේවාවටයි මුල් තැන දෙන්නේ...... "
                                                           --  ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා




සියළුම ඡායාරූප ශ්‍රී ලංගම ෆේස්බුක් පි‍ටුවේ අනුග්‍රහයෙනි.
ඡායාරූප හිමිකම් මුල් හිමිකරුවන් සතුය.

SLTBSriLanka ෆේස්බුක් පි‍ටුවට මෙතැනින් යන්න.


1 comment: