July 20, 2014

සුනාමි බස් ගැන නොදන්නා ඔබට | SLTB Tsunami buses

www.sltbbus.blogspot.com වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියකි.


Mitsubishi Aero Star City Bus


ISUZU U-LV324K City Bus



Hino HT City Bus



ISUZU Cubic City Bus


2004 වසරේ සුනාමි ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු  සුනාමි බස් රථ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් විවිධාකාරයෙන් ශ්‍රී ලංගම ට චෝදනා එල්ල කරමින් සිටී. එම අනවබෝධය නැති කිරීම පිණිස මෙම පසු සටහන තැබීමට තීරණය කළෙමු. සුනාමි බස් රථ වර්ග කීපයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. HINO, ISUZU, NISSAN එම වර්ගයන් වේ. එම වර්ගයන් වලද උප මාදිලි දැකිය හැක.
2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු විනි. එය සැලකිල්ලට ගත් ජපන් රජය, ජපානයේ භාවිතා කර ඉවත් කිරීමට තිබුණු මෙම සුනාමි බස් රථ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය යතා තත්වයට පත් වන තෙක් තාවකාලික විසඳුමක් වශයෙනි. ශ්‍රී ලංකාවට ලබාදෙන විටත් බොහොමයක් බස් රථ ජපානයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි. එනම් මෙම බස් රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. බොහොමයක් බස් රථ කි. මි. 500000 කට වඩා ධාවනය කරවා ඇත. ලංගමට ලබා දෙන විට වායු සමන පද්ධති බොහොමයක් අක්‍රීයය. වායු සමන අක්‍රිය වුවද මෙම රථයක සාමාන්‍ය ඩීසල් පරිභෝජනය ලීටරයට කි. මි. 1.5 ක තරම් අගයක් විය (සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක එය ලීටරයට කි. මි. 4.7 තරම් වේ). එහෙයින් මේවා සාමන්‍ය ගාස්තු යටතේ ධාවනය කරවීම අතිශය ගැටළුකාරී විය. අමතර කොටස් ද මිලෙන් ඉතා අධික වන අතර මාදිලි පැරණි වීම නිසා ඇතැම් අමතර කොටස් හිඟය. මෙම ගැටළු නිසා මේවා ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් කිරීමට ලංගමට සිදුවිය.

විවිධ විශේෂ ව්‍යාපෘති මගින් හැකි උපරිමයෙන් සුනාමි බස් රථ ධාවනයට ලබා දීමට ශ්‍රී ලංගම ඩිපෝවන් උත්සහ කරන්නේ මෙම බස් රථ වල ඇති ගුණාංගයන් නිසාමය. 
වායු අවලම්බන පද්ධතියකින් ( Air Suspension),  අර්ධ සවය්න්ක්‍රීය ගියර් පද්ධතියකින් හා  පසුපස එන්ජිමකින් යුක්ත වන තට්ටුව පහලින් පිහිටි (Low-floor Bus)  මෙම බස් රථ අදටත් මගීන්ට මෙන්ම රියදුරන්ටද ඉතා පහසුය.
මෙම විශේෂතා නිසාම විවිධ විශේෂ සේවාවන්ට සුනාමි බස් රථ වල දායකත්වය ලබාගෙන ඇත. ඇතැම් බස් වල වායු සමන පද්ධතිද පසුකාලීනව අලුත්වැඩියා කර සුඛෝපබෝගී සේවා සඳහා යොදාගත් අවස්ථා ඇත. ඇතැම් බස් තවමත් සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වේ.


හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපල අතර ධාවනය වූ සුඛෝපබෝගී බස් රථ

Tsunami buses of Mattala Hambanthota Special service


කටුනායක ඇවරිවත්ත බස් නැවතුමේ සිට ගුවන් තොටුපොළ පරිශ්‍රය දක්වා විශේෂ සේවාව සඳහා යොදාගත් Hino HT වර්ගයේ බස් රථයක්.

A Hino HT City bus with Airport & Aviation Services


සුනාමි බස් රථ අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමේදී කුරුණෑගල දකුණ ඩිපෝව විශේෂයෙන් කැපී පෙනේ. වෙනත් ඩිපෝ මහින් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථ රැසකට කුරුණෑගල දකුණ ඉංජිනේරු අංශය විසින් යලි පණ ලබා දී තිබේ. වායුසමනය කල සුඛෝපබෝගී බස් රථ මෙන්ම වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට යලි ජවය ලබා දුන් බස් රථ ද ඒ අතර වේ.

කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන අලුත්වැඩියා කල Hino HT බස් රථයක්. මෙම රථය වර්තමානයේ අධිවේගී මාර්ගයන් හි සුඛෝපබෝගී සේවා සඳහා යොදා ගැනේ.

Hino HT2MMAA (Akashi) Luxury Bus form SLTB Kurunegala South Depot


කුරුණෑගල දකුණ ඩිපෝව යටත් ධාවනය වන Hino HT බස් රථයක්.
Hino KC-HU2MLCA (Akashi) Bus form SLTB Kurunegala South Depot



www.sltbbus.blogspot.com වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියකි.

ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය.
අපගේ විශේෂ ස්තූතිය සහ මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උත්පල දිල්හාන් මහතාට හිමිවේ.

No comments:

Post a Comment