ගාමිණී විජේතුංග මහතා විසින් රචනා කරන ලදුව ලලිත් සිරිවර්ධන ඇතුළු කණ්ඩායම විසින් ගායනා කරනු ලබන " උදෑසනම පොඩි අපි දිව එනවා.. කොහේද සැඟවී එළියට එනවා" ගීතයේ රූප රචනාව සඳහා යොදාගෙන තිබෙණුයේ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩයේ උඩහමුල්ල [UM] ඩිපෝවට අයත් 'ටාටා 909' වර්ගයේ බස් රථයකි.
එය UM52 සමූහ අංකය සහිතවූ 63-2195 දැරූ බසයයි.
මෙම ගීතයේ රූප රචනාව 'ටොරානා මියුසික්' ආයතනය විසින් සිදුකර ඇත.
පාසල් බස් රථය යනු අප සැමගේ ජීවිතයේ එක්තරා සොඳුරු අවධියක අමතක නොවන මතකයන් රාශියක් සඟවාගත් අපූර්වතම අත්දැකීමක් බවත සැකයක් නැත. පාලස් බස් රියේ ගමන් කළ ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම ජීවිතයේ කිනම් අවධියකදී වුව ඒ අත්දැකීම නැවත සිහිකරන්නේ අපූරු මිහිරක් විඳගනිමිනි.
අතීතයේ පටන්ම පාසල් බස් සේවා හඳුන්වාදුන්නේ ශ්රී ලංගමය විසිනි. ඉතා අවම මුදලකට මාසික වාර ප්රවේශපත්ර රැගෙන පාසල් ගොස් රටේ ඉහලම තනතුරුවලට පිවිසුණු පුද්ගලයන් බොහෝමයකි. ඔවුන් බහුතරය අදටත් ලංගම පාසල් බසය, මාසික වාර ප්රවේශපත්රය.. පිළිබඳව සඳහන් කරන්නේ ආශ්වාදනීයවය.
අඩ සියවසකට අධික කාලයල් නොසැලී ඔබට සේවය සලසන ශ්රී ලංගමය නිහඬවම ලබනා අවංක සතුට එයයි.
SLTB 1n karanne SISU SERIYA Newei, PODU PASAL SEWA. SISU SERIYA karanne NTC 1n.
ReplyDeleteවරද නිවැරදි කළා. පෙන්වාදීමට බෙහෙවින් ස්තූතියි.
Deleteසොඳුරු මතකයන් රාශියක් අවදිකරනවා. උඩහමුල්ල ඩිපෝව අසලටම අපි යනවා ඉස්සර සරුංගල් අරින්න. මගේ මුළු පාසල් ජීවිතයම ලංගම බස් හා බැඳුනු එකක්. 138,122.පසුව 155,134 වගේ බස්. ඊටත් අමතරව රාජකීය විදුහල වෙනුවෙන් ලංගමය පවත්වාගෙන ගිය පාසැල් බස් සේවය. එය එකල ඉතා ක්රමවත් සේවයක් 1973-1979. හෝමාගම,පානදුර,පිලියන්දල,ආදී වශයෙන් ඒ සියළු ප්රදේශ ආවරනය වනසේ බස් මාර්ග කිහිපයක බස් 10කට ආසන්න ප්රමානයක් යොදා තිබුනා. මේ සියළු කටයුතු සම්බන්ධීකරනය කරන්න වෙනම ගුරුවරුන් පත්කර තිබුනා. මේ බොහෝමයක් බස් ඩබල් ඩෙකර්.
ReplyDeleteසීසන් ටිකට් එකට පින් සිද්ධ වෙන්න ඉස්කෝලේ ගියා (ඉගෙනගත්තේ නැති එක වෙනම කතාවක් ).සීසන් එක මාර්ක් කරගන්නේ නැතුව හැන්දෑවට වෙන ගමනුත් ගියා. 122 කළුග්ගල බස් එකේ සෝමපාල අයියා කියල හරිම විනෝදකාමි වයසක කොන්දොස්තර වරයෙක් හිටියා. කළු අග්ගලට යනකම් විහිළු කෑලි තමයි. රැකියාවට යන අයත්, අපිත් ඒ බස් එකේ යන්න හරිම ආසයි.
සුන්දර මතකය අමතක නොවී තිබීම පිළිබඳව සතුටුයි. මේ අත්දැකීම ස්කූල් වෑන් එකක, ප්රයිවට් ස්කූල් බස් එකකින් නම් කිසිම ආකාරයකින් ලබා ගන්න හැකියාවක් ලැබෙතැයි සිතන්න බැහැ.
Deleteමාසෙක සීසන් එකෙන් මාස දෙක තුනක් ගියපු හැටි මතක් උනා...
ReplyDeleteඅපි කවුරුත් කරපු දඟ වැඩක් තමයි ඔය. සීසන් එකේ කොටු නොකපා සීටීබී එකේ යන එන එකත් ඒ කාලේ ලොකු හපන් කමක්.ප්රතිචාරයට ස්තූතියි.
Delete