February 15, 2014

බීමත් අයෙකු අනුරාධපුරයේදී ලංගම බසයක් ගිනිබත් කරයි

බීමත් පුද්ගලයෙකු විසින් අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ නවතා තිබූ ශ්‍රී ලංගම බස් රථයකට ගිනිතබා ඇත.[2014 පෙබරවාරි 15, රාත්‍රියේ]
මෙම පුද්ගලයා බීමතින් පැමිණ බසයේ රියදුරු සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර , පසුව බස් රියට පෙට්‍රල් දමා ගිනි තබා තිබේ.
ගින්නෙන් විනාශ වූ NA-1136 අංක දරණ මෙම බස් රිය අනුරාධපුර ඩිපෝවට NA කාණ්ඩය යටතේ ලැබුණු ප්‍රථම බස් රියයි.

 අනුරාධපුර සිට තන්තිරිමලය  දක්වා ධාවනය වන මෙම බස් රථය ගින්නෙන් බේරාගැනීමට අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් මහත් වෙහෙසක් දැරුවද  සියළු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් බසය සම්පූර්ණයෙන්ම විනාශවී ඇත.
මේ වන විට අදාල සැකකරු අනුරාධපුර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට දින [2014.02.17] අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිදුවීම පිළිබඳ අනුරාධපුර ශ්‍රී ලංගම ඩිපෝව විසින් දක්වා ඇති විස්තරය
ගිනිතැබු බස් රථය අද සවස පැරණි බස් නැවතුම්පොළින් තන්තිරිමලය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබුනි. එම බස් රථයේ
මගීන් සිවුදෙනෙකු පමණ සිට ඇති අතර සැකකාර පුද්ගලයා අධික ලෙස බීමතින් බස් රථයේ සිටි වෙළදසැලක් හිමි තරුණියක් අපහසුතාවයට පත් වන අයුරින් හැසිරී ඇති අතර බස් රථයේ සිටි පුද්ගලයෙකු ඇයට කරදර නොකොට බස් රථයේ පිටුපසට යන ලෙස දන්වා ඇත. ඒ අවස්ථාවේ සැකකරුට කේන්ති ගොස් බස් රථයේ සිටි තරුණිය ලග තිබු පෙට්රැල් භූලිය උදුරාගෙන බසයට වක්කොට බස් රථයෙන් බැස ගොස් රියදුරු අසුනට ආසන්නයෙන් ගිනි කූරක් දල්වා බස් රථයට වීසී කොට ඇත.

ක්ෂණිකව බස් රථය ඇතුලතින් ගින්නක් හටගෙන ඇති අතර සැකකරු පළා යාමට උත්සහ කරද්දී බස් රථයේ රියදුරා වු දයා නිරංජන් මහතා වැසිකිලියට ගොස් නැවත පැමිණෙද්දී බස් රථය ගිනිගෙන ඇති අයුරු දැක වහාම මෙම පුද්ගලයාව අල්ලාගෙන ඇත.

සිද්ධිය දුටු පුද්ගලයන් මොහු බස් රථයට ගිනි තැබු බව රියදුරාට පවසා ඇත. බස් නැවතුමේ සිටි බොහෝ පිරිසක් සැකකරුට පහරදී ඔහුව අල්ලාගෙන සිද්ධිය සම්බන්ධයෙන් මුලස්ථාන පොලීසියට දන්වා ඇත. ඒ අනුව එහි පැමිණි අනුරාධපුර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල් 48290 බංඩාර මහතා සහ 48309 රත්නායක මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාරදීමට කටයුතු කලේය.

ආසන 42 කින් යුතු මෙම බස් රථය අනුරාධපුර ලංගම ඩිපෝවට හිමිව තිබු සුපිරි ධාවන තත්වයෙන් යුතු බස් රථයක් බවද ඩිපෝ ආරංචි මාර්ග සදහන් කරයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම බස් රථයේ නිරතුරුව ගමන් කරන පුද්ගලයෙකු බවත් ඔහු නිරාවිය ප්ර්දේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි එච්.සමුද්රාජීව මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රරධාන පොලිස් පරීක්ෂක ප්ර්භාත් ගාල්ලගේ මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.

විනාශයට ලක්වීමට පෙර එම බස් රථයේ ඡායාරූපයක්

තොරතුරු සහ ඡායාරූප ස්තූතිය :-

* එන්.එම්.නාලිෆ් - අනුරාධපුරය
* බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුරය

* අනුරාධපුර ශ්‍රී ලංගම ඩිපෝව නිල ෆේස් බුක් වෙබ් පි‍ටුව

අනුරාධපුර ඩිපෝව ෆේස් බුක් වෙබ් පි‍ටුවට මෙතැනින් පිවිසෙන්න

2 comments:

  1. අකුරු ඉතාම පොඩියි කියවන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. වරද නිවැරදි කළා. ප්‍රතිචාරයට ස්තූතියි

      Delete