February 8, 2014

ලංගම කාන්තා කොන්දොස්තරවරියෝ



එවකට අගමැති වූ ආර්.ප්‍රේමදාස මහතාගේ අදහසකට අනූව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තා කොන්දොස්තරවරියන් බඳවාගැනුනි. මෙය ලංගමට මෙන්ම බස් මගීන්ටද අලුත්ම අත්දැකීමක් විය.මෙම කාන්තා කොන්දොස්තර වරියන් අගනුවරට ආසන්න තදාසන්න ඩිපෝ සඳහා පමණක් අනියුක්ත කරනු ලැබිණි.

මෙම පිරිසට වේගයෙන් ධාවනයවන බස් රථවල සිටගෙන ටිකට් කැඩීම, බස් රිය තුළ ඇවිදීම, සෙනග පිරුණු බස් රථයකදී හැසිරිය යුතු ආකාරය මෙන්ම කරදරකාරී මගීන් සමග කටයුතු කළ හැකි ආකාරය පිළිබදවද මනා පුහුණුවක් ''වේරහැර ලංගම අභ්‍යාස විද්‍යාලය'' මගින් ලබාදෙනු ලැබිණි.

එසේ වුවද මෙම කාන්තා කොන්දොස්තරවරියන් වැඩි කලක් ලංගම සමඟ ‍රැඳුනේ නැත.ඇතැමෙකු රාජකාරි කටයුතු වල දුෂ්කරතාව නිසාත් බහුතරයක් විවාහවීමෙන් පසුවත් ලංගමට ආයුබෝවන් කීවෝය. මේ නිසාම ඉන් පසුව අලුතෙන් කාන්තා කොන්දොස්තරවරියන් බඳවාගැනීමට ලංගම උනන්දුවූයේත් නැත.

මෑත කාලීනවද කාන්තා කොන්දොස්තරවරියන් බඳවාගැනීමට ලංගම අවධානය යොමු වුවද වුවද , ඇතැම් කොටස්වල විරෝධතා මත එය නවතා දමා තිබේ.



No comments:

Post a Comment