January 14, 2014

අපේ ගමන් සගයාගේ ගමන් මග කෙටියෙන්


1958 ජනවාරි 01

එතෙක් පුද්ගලික අංශය සතුව පැවති බස් සේවය ජනසතු කිරීම (nationalise) මගින්
ලංකා ගමනාගමන මණ්ඩලය පිහි‍ටුවනු ලැබිණි.
ඒ  1957 අංක 48 දරන මෝටර් ප්‍රවාහන පනතට අනුකූලවය.

  

    


*පුද්ගලික බස් සමාගම් 76

*මාර්ග 1200ක ධාවනයවූ

*බස් රථ 3400 ක් පමණ

*සේවක සේවිකාවන් 15,000 ක් පමණ

රාජ්‍ය ‍රැකවරණය යටතේ ලංගමයට අනුයුක්ත කෙරුණි.

1978
ජුනි
එතෙක් මධ්‍යගතව පැවති ලංගමය
 ìප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල  09 ක් (ප්‍රාගම)
සහ
ì මධ්‍යම ගමනාගමන මණ්ඩලයක්  (මගම)
බවට විමධ්‍යගත  කරන ලදී

1978 දී නැවතත් පුද්ගලික අංශයේ බස් රථ මගින් මගී ප්‍රවාහනය ආරම්භ විය.

1990
එතෙක් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල යටතේ පැවති බස් ඩිපෝ ස්වාධීන බස් සමාගම් බවට පත්කරන ලදී.
මේ අනූව
 ìජනතා සන්තක බස් සමාගම් 93ක් පිහි‍ටුවිණි.(peoplised bus company)
      [ ජසප්‍රසේ - ජනතා සන්තක ප්‍රවාහන සේවය]

1997
ජනතා සන්තක බස් සමාගම් කොටස් වශයෙන් එක් කර පොකුරු බස් සමාගම් පිහි‍ටුවන ලදී.
නමුත් උතුර ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය  හා බස් සමාගම තවදුරටත් ක්‍රියාත්මක විය.

2005

2005 අංක 25 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල  පණත අනූව නැවතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහි‍ටුවන ලදී.

No comments:

Post a Comment