December 7, 2013

රනින් පිදුම් ලද සැබෑ මිනිසෙක්


ඔහු සටන පටන් ගත්තේ මීට බොහෝ  කාලයකට ඉහතදීය.
සටන් කළේ අනුන් වෙනුවෙනි.
වරෙක ලංගම ‍රැකියාව අහිමි වූයේද මේ සටන් නිසාය.  ඔහු වරෙක කම්කරු උද්ඝෝෂණ වලට කරදී  පොලිස් කූඩුවට ගියේය.  තවත් වරක ජීවිතය බේරාගත්තේ පූරුවේ වාසනාවටය.


මෑත භාගයේදී ඔහු සිය අරගලය දියත්කළේ  තම සහෝදර ලංගම විශ්‍රාමික සේවක සේවිකාවන් වෙනුවෙනි. 1991න් පසු විශ්‍රාම ගිය ශ්‍රී ලංගම සේවකයන්ට ලැබියයුතුවූ  පාරි‍තෝෂික දීමනාව ලබාගැනීමට ඔහු සටන් වැදුණේය.
එම අරගලය ජනාධිපතිවරයා තෙක් ‍රැගෙන ගියද පලක් නොවූ තැන එම සේවකයෝ මහපාරට බැස්සෝය. පළාත් මට්ටමින්ද දියත් කළ විරෝධතා ව්‍යාපාරය අවසානයේදී කොළඹදී මහා උද්ඝෝෂණයක්ද කළහ.අධිකරණයටද ගියහ.අවසානයේ මෙම සේවකයෝ සිය සටන ජයගත්හ.

ඒ සටන දිනූ ශ්‍රී ලංගම විශ්‍රාමික සේවක සේවිකාවෝ පෙර කී යුග පුරුෂයාට කෙලෙහිගුණ සැලකූහ.ඒ "එස්.එච්.සුමතිපාල" නම්වූ මෙම අරගලකාරයා හෙවත් "ශ්‍රී ලංගම  විශ්‍රාමිකයන්ගේ සංගමයේ" ලේකම්වරයාට බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදී උපහාර  උළෙලක් පැවැත්වීමෙනි.

එහිදී විශ්‍රාමික ලංගම සේවක සේවිකාවෝ සුමතිපාල මහතා රනින් පිදූහ.ඔවුන් තිළිණ කළ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුතු රන් මාලය සුමතිපාල මහතාගේ ගෙලේ බැන්දේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් ගාමිණී මහින්දපාල මහතා විසිනි.

***කතාව සහ ඡායාරූප, බදුල්ල පාලිත ආරියවංශ විසිනි.

No comments:

Post a Comment