Showing posts with label ශ්‍රීලංගම. Show all posts
Showing posts with label ශ්‍රීලංගම. Show all posts
April 23, 2015
62-5599 [SLTB Deraniyagala Depot] - Pettigalawaththa Workshop
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළේ අලුත්වැඩියා කෙරෙමීන් පැවති, දැරණියගල ඩිපෝවට අයත් 62-5599 බස් රථය. මෙම රථය අලුතෙන් බොඩි සකසා පූර්ණ අලුත්වැඩියාවකට ලක් කෙරුණි.
April 14, 2015
March 14, 2015
ශ්‍රී ලංගම අටමස්ථාන වන්දනා සේවය | Atamasthaana Special Pilgrimage Service from SLTB
ශ්‍රී ලංගම අනුරාධපුර ඩිපෝව මගින් පසුගිය මාර්තු 05 වැනිදා සිට සුවිශේෂී නව බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. "අටමස්ථාන වන්දනා සේවය" ලෙස නම් කර ඇති මෙම නව බස් සේවාව, එක් අතකින් සමාජ මෙහෙවරක් ලෙසද හැඳින්විය හැක.
අනුරාධපුරයේ අටමස්ථාන වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන්ම වෙන් කෙරුණු මෙම සේවාව මගින් ඉතා සුළු මුදලකට සියලුම පූජනීය ස්ථාන වෙත ගමන් පහසුව සලසාගත හැක.
March 7, 2015
NB 5379 [SLTB - Mathugama Depot]
ශ්‍රී ලංගම මතුගම ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් Lynx මාදිලියේ බස් රියක් [NB5379] / [Fleet No. MG27] නෙළුව බස් නැවතුම්පොළේ නවතා ඇති අයුරු. මෙම බස් රිය නෙළුව හරහා මතුගම-පැලවත්ත අතර ධාවනය වේ.
SLTB (Sri Lanka Transport Board) Mathugama Depot Lanka Ashok Leyland LYNX Bus [NB5379] / [Fleet No.27] at Neluwa Bus stand.
SLTB (Sri Lanka Transport Board) Mathugama Depot Lanka Ashok Leyland LYNX Bus [NB5379] / [Fleet No.27] at Neluwa Bus stand.
| Front Side |
December 29, 2014
August 10, 2014
New Buses to Sri Lanka Transport Board | ශ්‍රී ලංගමට අලුත් බස්.
ගමන් සගයාට අලුත් බස්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රථ ඇණිය පුළුල් කිරීමේ අරමුණෙන් ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ගෙන්වීමට නියමිත බස් රථ 2200න් පළමු කොටස පසුගියදා මෙරටට ළඟාවිය. මෙම මුල් බස් තොගයෙන් බස් 100ක් පසුගියදා ඌව පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ සඳහා බෙදා දීම සිදුවිය.
මෙම බස් රථ වලින් ආසන 54 බස් රථ දුර ගමන් සේවා සඳහාත්, ආසන 42 රථ කෙටි දුර සේවා සඳහාත් යෙදවීමට නියමිතය.
July 20, 2014
සුනාමි බස් ගැන නොදන්නා ඔබට | SLTB Tsunami buses
ශ්‍රී ලංගම අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය | SLTB Super Luxury Tourist Transport Service
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙරටට ගෙනා අධි සුඛෝපභෝගී බස් රථ වලින් 68ක් පොදු මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීම මෑතකදී සිදුවිය. එම බස් රථ මේ වනවිට අධිවේගී මාර්ග වලත් , සංචාරක වැදගත්කමකින් යුතු ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගෙනත් ධාවනයට යොදා ඇත.මේ එම බස් රථ භාවිතය පිළිබඳ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ ධාවන කළමණාකරු විජිත ජයසුන්දර මහතා සමඟ සිදුකළ සංවාදයකි.
![]() |
| විජිත ජයසුන්දර මහතා |
දැනට අධිවේදී මාර්ග වල බස් කිහිපයක් ධාවනයට යොදවා තිබෙනවා. ඊට අමතරව අපි විශේෂ ගමන් බිමන් සංචාර සඳහා (විශේෂ චාරිකා) කුලී පදනම මත ලබාදීමට බස් රථ කිහිපයක් වෙන්කර තිබෙනවා.
අපි අලුතින්ම ආරම්භකළ සේවාව තමයි සංචාරක ප්‍රදේශ ආවරණය වෙන්න දිනපතා බස් රථ සේවයක් කොළඹ පිටකොටුවෙන් ක්‍රියාත්මක කිරීම.
අපට ලැබුණු බස් 68ක් මේ අයුරින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය නමින් වන නව ඒකකය මගින් පාලනය කරනු ලබනවා.
අධිවේගී මාර්ගවල කඩුවෙල-මාතර , කඩුවෙල-ගාල්ල , මහරගම-මාතර , මහරගම-ගාල්ල , මීගමුව-කොළඹ , මීගමුව-කටුනායක ආවරණය වන පරිදි බස් සේවා පවත්වාගෙන යනවා.
ඊට අමතරව කුරුණෑගල-මහනුවර , කල්පිටිය-කොළඹ , පුත්තලම-කොළඹ , කුලියාපිටිය-කොළඹ , හලාවත - කොළඹ මාර්ග වලත් මේ බස් රථ ධාවනයට යොදවා තියෙනවා.
July 13, 2014
June 21, 2014
ශ්‍රී ලංගමේ තවත් කතාවක් | Another Story of the SLTB
ඇතැම් නොහික්මුණු රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් මගීන් සඳහා බස් රථය නතර නොකොට ඔවුන් මහමග දමා යාමේ ගැටලුව අදක ඊයේක නොව ශ්‍රී ලංගමය ආරම්භයේ පටන්ම අසන්නට දකින්නට ලැබුණු ගැටලුවකි. ශ්‍රී ලංගම පවත්වාගෙන යාමට අවැසි මුදල් ලබාගන්න ප්‍රධානතම ක්‍රමය ලංගමය සතු ධාවන අවකාශය මගීන් වෙත අලෙවි කිරීමයි.
එමෙන්ම ලංගමය පිහිටවනු ලැබුයේද සාමානය්‍ය පන්තියේ මගී ජනතාව වෙනුවෙන්ය. ඉඳින් මෙසේ ඔවුන් මහ මග දමායාම සිදු නොවිය යුත්තක්ම වේ.
මේ ගැටලුව නිසාම ලංගමය පිහිටවූ දිනයේ පටන් අද දක්වා දඬුවම් ලැබූ රියදුරු,කොන්දොස්තර සංඛ්‍යාව මෙතැකැයි කිව නොහැක්කේය.
එකල බස් රථවල ගමනාන්තය දැක්වීමට යොදාගනු ලැබූයේ වර්ථමානයේ මෙන් තනි ගමනාන්ත පුවරු නොවේ. එකල තිබුණේ ඝනකම් රෙද්දකින් සාදාගත් රෙදි රෝලරයකි. මේ රෙදි රෝලේ අදාල ඩිපෝවෙන් ධාවන සේවා සිදුකරන සියලුම ගමනාන්තයන් මුද්‍රණය කර තිබුණි. එබැවින් කිසියම් බස් රියක් එහි සාමාන්‍ය ගමනාන්තයෙන් ඉවත්කර වෙනත් මාර්ගයක ධාවනයට යෙදූවද අලුතෙන් ගමනාන්ත පුවරු සොයමින් හෝ කාඩ්බෝඩ් කැබැලි වල ගමනාන්තය ලියමින් වෙහෙසීමට සිදුවූයේ නැත. එක ගමනාන්ත රෝලරයක සියලු ගමනාන්ත සටහන්ව පවතින නිසා රෝලරයේ හැඬලය කරකවා තමන්ට අවැසි ගමනාන්තය දිස්වන පරිදි සකසාගැනීම ඉතා පහසු ක්‍රියාවක් විය.
![]() |
| ගමනාන්ත රෝලරයේ එක් මාදිලියක් pix by Uthpala Dhilhan |
නොමියෙන පැරණි මතකයක් | An Ancient Picture of a CTB bus
බස් ගමනාගමනය ජනසතු කළ ආසියාවේ දෙවන රට බවට ලංකාව පත්කරමින් "ලංකා ගමනා ගමන මණ්ඩලය" (වත්මන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය) පිහිටවූ 1958 ජනවාරි 01 දින ලබාගත් ජනසතු
බස් රියක ඡායාරූපයක්.
තරමක් අපැහැදිලි වුවද බස් රිය සමඟ එක් රැස් වී සිටින ජන පිරිස අනූව එදා දවස මෙරට සාමාන්‍ය පොදු මගී ජනයාට කෙතරම් වැදගත් දිනයක් වූයේදැයි සිතාගැනීම අපහසු නොවේ.
පැරණි පුවත්පතක පළවූ ඡායාරූපයක් වූ මෙය අප වෙත සැපයූ අනූප කවිනිඳු මහතාට අපගේ ස්තූතිය.
picture submitted by Mr.Anupa Kavinindhu
May 10, 2014
සූරාකෑමේ යුගයක අවසානය | The End of an Exploitation Period.
පසුදින පටන් ශ්‍රී ලංකාවේ බස් සේවය ජනසතු කිරීම පිළිබඳව 1957 දෙසැම්බර් 31 වැනිදා එවකට ගමනාගමන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මැතිතුමා විසින් නිකුත්කරන ලද විශේෂ සන්දේශය.
"සූරාකෑමේ යුගයක අවසානය"
අද වනාහි ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සටහන්කර තැබිය යුතු දිනයකි.1956 අප්‍රේල් මාසයේදී පැවැත්වුණු මහ මැතිවරණයේදී මේ ආණ්ඩුව විසින් ස්වකීය ඡන්ද දායකයන්ට දෙන ලද පොරොන්දු ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවේ බස් රථ සේවාව ජාතිය සතුවන්නේ ය.
අද රාත්‍රියේ සිට සූරාකෑමේ යුගය අවසන් වන්නේය.
ඒ එක්කම බස් රථ සේවය අපේය ,අපගේය යනුවෙන් උදම් ඇනීමට මෙරට වැසියන්ට අවස්ථාවක් ලැබෙන්නේය.
බස් රථ සේවය අපේය.
ඒය අපේ පෞද්ගලික දේපළක් මෙන් ආරක්ෂාකළ යුතුය යන හැඟීමක් අද අපේ රටවැසියන්ගේ සිත් සතන් තුළ පහළ විය යුතුය. පහළ කරගත යුතුය.
අද පටන් බස් රථ සේවය රටවැසියන් සතු දේපළක් බව මෙනෙහි කරමින් බස් රථ සේවය දියුණුවෙන් දියුණුවට පත්කරලීම සඳහා ගමනා ගමන මණ්ඩලයට හැම සහයෝගයක්ම දිය යුතු අතර ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි කරදර අලාබහානි ඉවසා දරාගතයුතු බවද රටවැසියන් විසින් තරයේ සිත්වලට ගතයුතුවේ.
April 23, 2014
බස් ජනසතුව | Nationalization of Bus Service.
බස් ජනසතු කෙරේ
(වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්, ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ලංගම සේවකයෙක්ද වන "බන්ධුල ආර් ගුල්වත්ත" මහතා විසින් ලියන ලද ලිපියකි.)
1957 වසර උදා වූයේ 1956 ජන බලවේගයේ අරමුණු මල්ඵල ගන්වමිනි. අපි පෙර ලිපියක කුඹුරු පනත ගැන තොරතුරු සඳහන් කළෙමු. වමේ ව්‍යාපාරය ආරම්භ වූ තිහේ දශකයේ පටන් සියලු ධනෝපායන මාර්ග ජනතා සන්තක කළ යුතුය යන සමසමාජ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ බස් රථ සමාගම් සියල්ල ජනසතු කළ යුතු යෑයි ප්‍රබල ජන මතයක් 1957 වසර ආරම්භයේදී ම පෙළ ගැස්‌විණි.
මේ අවධිය වන විට හොරණ ප්‍රදේශයේ මඟී බස් ධාවනය සිදු වූයේ බස් රථ සමාගම් හතරක ඒකාධිකාරයක් යටතේ ය. පානදුර මෝටර් ට්‍රාන්ස්‌පෝර්ට් සමාගම (ඡගඵගඔ)ල ඔමිනි බස් රථ සමාගම (ගාමිණී කොම්පැනිය), මුණගම බස් රථ සමාගම, අතුර බස් රථ සමාගම වශයෙනි. ඉදිරි කාලයේදී බස් රථ සමාගම් සියල්ල ජනසතු කරන බවට රාවය පැතිර යත්ම බස් රථ හිමියන්ගේ කඩිගුල ඇවිස්‌සුණේ ය.
පානදුර බස් රථ සමාගමේ අයිතිකරු වූයේ එවකට පරලෝ සැපත් බුත්තල පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ලියෝ ප්‍රනාන්දු මහතා ය. ගාමිණී බස් රථ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරය හෙබවූයේ හිටපු වැල්ලවත්ත - ගල්කිස්‌ස පා. ම. ඇස්. ද ඇස්. ජයසිංහ මහතා ය. රට පුරාම බස් රථ හිමියෝ රජයට එරෙහිව තනි කෙළින් සිට ගත්හ.
එහෙත් මහජන මතය වඩාත් ප්‍රබල වූහ.
ඉදිරියේදී තවත් ප්‍රගතිශීලී පනත් රාශියක් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබුණි.
කුඹුරු පනත ඉදිරිපත් කර තිබුණි.
මෙම පසුබිම මත ලංකාවේ ඡන්ද කොට්‌ඨාස රාශියක එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ප්‍රචාරක රැස්‌වීම් මාලාවක් දියත් කෙරිණි.

Bus fleet of the Southern Western Omni Bus Company
මෙම ඡායාරූපයේ මුල් හිමිකරු කවුරුන්දැයි නොදන්නේවුවද අප ඔහුට හෝ ඇයට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.
ඡායාරූපය සැපයීම "සනේෂා එරන්දි සඳමාලි" විසිනි.
Picture from - "Sanesha Erandhi Sandhamali."
ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු/හිමිකරුවන් සතුය.
April 20, 2014
British Leyland Olympian Bus
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ( එවකට " ලංකා ගමනා ගමන මණ්ඩලය" ) සතුව පැවති බ්‍රිටිෂ් ලේලන්ඩ් ඔලිම්පියන් (British Leyland Olympian) වර්ගයේ බස් රථයක්.
ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1958 සැප්තැම්බර් 30 වැනිදාය.
ඉහල පෞරාණික වටිනාකමක් ඇති මෙම ඡායාරූපය සංරක්ෂිතව පවත්වාගැනීම පිළිබඳව අදාල සියලු පාර්ශවයන්ටත්, විශේෂයෙන්ම එම ඡායාරූප ශිල්පියාටත් අප ස්තූතිවන්ත විය යුතුය.
ඡායාරූපය "British commercial vehicle museum" විසිනි.
Picture from "British commercial vehicle museum"
ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු/හිමිකරුවන් සතුය.
April 13, 2014
62-6529 [SLTB - Galle Depot]
ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයේ 62-6529 අංක දරන බස් රථය.මෙය ගාල්ල- වක්වැල්ල අතර ධාවනය වේ. උදෑසන 5.50 ට වක්වැල්ලෙන් ගමන් අරඹන මෙම බස් රිය නැවත උදෑසන 11.45 ට වක්වැල්ලට ලඟාවීමෙන් දෛනික සේවා වාරය අවසන් කරයි. ඒ අතර කාලයේ ගමන් වාර 6ක් පමණ සිදුකරයි.
63 - 1581 Lanka Ashok Leyland Comet Minor [ SLTB | Udugama Depot ]
April 5, 2014
උදෑසනම පොඩි අප දිව එනවා..කොහේද සැඟවී එළියට එනවා... | 63-2195 - Udahamulla Depot
ගාමිණී විජේතුංග මහතා විසින් රචනා කරන ලදුව ලලිත් සිරිවර්ධන ඇතුළු කණ්ඩායම විසින් ගායනා කරනු ලබන " උදෑසනම පොඩි අපි දිව එනවා.. කොහේද සැඟවී එළියට එනවා" ගීතයේ රූප රචනාව සඳහා යොදාගෙන තිබෙණුයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩයේ උඩහමුල්ල [UM] ඩිපෝවට අයත් 'ටාටා 909' වර්ගයේ බස් රථයකි.
එය UM52 සමූහ අංකය සහිතවූ 63-2195 දැරූ බසයයි.
මෙම ගීතයේ රූප රචනාව 'ටොරානා මියුසික්' ආයතනය විසින් සිදුකර ඇත.ලංගම ඉතිහාසයේ අවම ගාස්තුව අයකල ප්‍රවේශ පත්‍රය | Lowest Price Ticket of the CTB
ශ්‍රී ලංගම බස් මගියෙක් වශයෙන් ගමනාන්තය සඳහා නියමිත ටිකට් පතක් ලබාගැනීම ඔබේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ.
එය යුතුකමක් වන්නේ මෙතරම් සේවයක් සලසන රාජ්‍ය ප්‍රවාහන සේවාවේ උන්නතිය උදෙසා හැකි පමණකින් හෝ දායක වීම සඳහාය.ඒ ලංගමයට ලැබෙන එකම ආදායම තම ධාවන අවකාශය මගීන්ට අලෙවිකිරීමෙන් ලැබෙන මුදල පමණක් වන බැවිණි.
වගකීමක් වන්නේ කිසියම්හෝ අවස්ථාවකදී ඔබ බස් රියේ ගමන් කළ බවට නීතිමය පිළිගැනීමක් ලබාගැනීමට ඉවහල් වන ඉහලම සහතිකය මේ ටිකට් පත නිසාය. එසේම ටිකට්පතක නොමැතිව බසයේ ගමන් කිරීම නීති විරෝධී කරුණක්ද වන නිසාය.
ශ්‍රී ලංගම විසින් මගීන්ට නිකුත් කරනු ලබන ටිකට් පත් ප්‍රධාන වශයෙන් මාදිලි තුනකට අයත්වේ.
1) මුද්‍රිත ටිකට් / ෆයිල් ටිකට්
2) පොත් ටිකට් - වර්ථමානයේ බහුලවම දක්නට ඇති ටිකට් වර්ගයයි.
3)මැෂින් ටිකට් - වර්ථමානයේ බහුලව ඉලෙක්ට්‍රොනික් ටිකට් යන්ත්‍ර භාවිතා වේ.

Subscribe to:
Posts (Atom)