April 13, 2014

62-6529 [SLTB - Galle Depot]



ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයේ 62-6529 අංක දරන බස් රථය.මෙය ගාල්ල- වක්වැල්ල අතර ධාවනය වේ. උදෑසන 5.50 ට වක්වැල්ලෙන් ගමන් අරඹන මෙම බස් රිය නැවත උදෑසන 11.45 ට වක්වැල්ලට ලඟාවීමෙන් දෛනික සේවා වාරය අවසන් කරයි. ඒ අතර කාලයේ ගමන් වාර 6ක් පමණ සිදුකරයි.






පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර ඇති මෙම බසයේ විශේෂත්වය වන්නේ 3-2 ආකාරයට ආසන පිහි‍ටුවා තිබීමයි. එමෙන්ම මෙහි සියලුම ආසන අංකනය කර තිබේ. රියදුරු අසුන අසල අමතර කුඩා පැන්නුම් ආසනයක්ද(Jumping seat) සවිකර තිබේ.
පැරණි බස් රථයක් වන මෙය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියාකොට හොඳ තතත්වයෙන් පවත්වාගැනීම පිළිබඳව අප ගාල්ල ඩිපෝවේ සේවක මණ්ඩලයට ස්තූතිවන්ත විය යුතුය.

2 comments:

  1. 1977 ඔය මොහමඩ් ගොයියා ඇවිත් සීටීබි එක අනුභව නොකරා නම් මේ ආයතනය ගැන මීටත් වඩා හොඳ දේවල් කතා කරන්න තිබුනා. පළවෙනි පන්තියේ ආයතනයක් තුන්වැනි පන්තියට ඇද දැමීම ගැන එයින් පස්සේ හිටපු පාලකයෝ වගකියන්න ඕන. මටනම් තියෙන්නේ ලොකු දුකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.විවිධාකාර හේතූන් තියෙනවා.අනිසි දේශපාලන බලපෑම් තමයි ප්‍රධානතම හේතුව. ඒ වගේම සේවක වැරදි, පරිපාලන වැරදි,ත්‍රස්තවාදී ක්‍රියා [විශේෂයෙන්ම ජූලි කලබල නිසා ] ආදියත් මේ සද්දන්ත ආයතනය වත්මන් තතත්වයට පත්වීමට හේතුවුණා. කෙසේ වුණත් අද අප ඉදිරියේ තියෙන්නේ ජාතික සම්පතක් , සේවයක් විදියට ශ්‍රී ලංගම ආරක්ෂා කරගැනීමයි. :)

      Delete