ශ්‍රී ලංගම අනුරාධපුර ඩිපෝව මගින් පසුගිය මාර්තු 05 වැනිදා සිට සුවිශේෂී නව බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. "අටමස්ථාන වන්දනා සේවය" ලෙස නම් කර ඇති මෙම නව බස් සේවාව, එක් අතකින් සමාජ මෙහෙවරක් ලෙසද හැඳින්විය හැක.
අනුරාධපුරයේ අටමස්ථාන වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන්ම වෙන් කෙරුණු මෙම සේවාව මගින් ඉතා සුළු මුදලකට සියලුම පූජනීය ස්ථාන වෙත ගමන් පහසුව සලසාගත හැක.
අනුරාධපුර දුම්රිය ස්ථානය අසලින් ගමන් අරඹන මෙම බස් සේවය පිළිවෙලින් ශ්‍රී මහා බෝධිය - රුවන්වැලි මහා සෑය - ජේතවනාරාමය - කුට්ටම් පොකුණ - සමාධි පිළිමය - අභියගිරිය - සඳකඩපහණ - ලංකාරාමය - ථූපාරාමය - මිරිසවැටිය - සඳිගිරිසෑය - ඉසුරුමුණිය හරහා නැවතත් දුම්රිය ස්ථානය වෙතටම පැමිණ සිය ගමන් වාරය නිමා කරයි.
![]() |
සෑම විනාඩි 45කට වරක්ම අටමස්ථාන වන්දනා සේවා බස් රියක් ගමන් අරඹන අතර මේ සේවය සඳහා අනුරාධපුර ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් NC 0053 බස් රිය සහ NC 0996 බසය යොදවා ඇත.මෙම විශේෂ බස් සේවයට අයත් බස් රථ මගීන්ට හඳුනාගැනීමේ පහසුව උදෙසා ඉදිරි සහ පිටුපස මුහුණත් කහ වර්ණයෙන් වර්ණගන්වා ඇත.
එක ගමන්වාරයක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 70.00 ක මුදලක් අයකරනු ලැබේ.
* ඡායාරූප සැපයීම අනුරාධපුර ඩිපෝවේ නිල ෆේස්බුක් පිටුව.
* ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය.
No comments:
Post a Comment