April 5, 2014

ලංගම ඉතිහාසයේ අවම ගාස්තුව අයකල ප්‍රවේශ පත්‍රය | Lowest Price Ticket of the CTB

ශ්‍රී ලංගම බස් මගියෙක් වශයෙන් ගමනාන්තය සඳහා  නියමිත ටිකට් පතක් ලබාගැනීම ඔබේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ.
 එය යුතුකමක් වන්නේ  මෙතරම් සේවයක් සලසන රාජ්‍ය ප්‍රවාහන සේවාවේ උන්නතිය උදෙසා හැකි පමණකින් හෝ දායක වීම සඳහාය.ඒ ලංගමයට ලැබෙන එකම ආදායම තම ධාවන අවකාශය මගීන්ට අලෙවිකිරීමෙන් ලැබෙන මුදල පමණක් වන බැවිණි.

වගකීමක් වන්නේ කිසියම්හෝ අවස්ථාවකදී ඔබ බස් රියේ ගමන් කළ බවට නීතිමය පිළිගැනීමක් ලබාගැනීමට ඉවහල් වන ඉහලම සහතිකය  මේ ටිකට් පත නිසාය. එසේම ටිකට්පතක නොමැතිව බසයේ ගමන් කිරීම  නීති විරෝධී කරුණක්ද වන නිසාය.

ශ්‍රී ලංගම විසින් මගීන්ට නිකුත් කරනු ලබන ටිකට් පත් ප්‍රධාන වශයෙන් මාදිලි තුනකට අයත්වේ.

1) මුද්‍රිත ටිකට් / ෆයිල් ටිකට් 
2) පොත් ටිකට් - වර්ථමානයේ බහුලවම දක්නට ඇති ටිකට් වර්ගයයි.
3)මැෂින් ටිකට් - වර්ථමානයේ බහුලව ඉලෙක්ට්‍රොනික් ටිකට් යන්ත්‍ර භාවිතා වේ.

lowest price ticket of the ctb. ilove sltb. ctb.sltb.bus ticket


අප ඉහතින්  ඉදිරිපත් කරන්නේ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ අඩුම මිලකින් යුත් ෆයිල් ටිකට් පතයි. එක් මගියෙක් වෙනුවෙන් එක් සෙක්ශන් එකක් සඳහා අය කරන ගාස්තුව හෙවත් අවම ගාස්තුවේ අර්ධය [ භාග ටිකට්] සඳහා නිකුත් කර ඇති මෙම ටිකට්පතේ වටිනාකම එවකට ශත තුනකි.

වර්ථමානය වනවිට මේම ගාස්තුව රුපියල් නමයක් දක්වා වර්ධනය වී තිබේ.එනම්  මේ වන විට මෙම ටිකට් පත්‍රයේ වටිනාකම තුන්සිය ගුණයකින් වැඩිවී තිබේ.

ඡායාරූපය සහ විස්තර "පද්මකුමාර අමරසිංහ පාදුක්කගේ මහතා'' විසිනි.

** ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුය.

2 comments:

  1. මම සත තුනේ ටිකට් එකෙන් ඉස්කෝලේ ගිහින් තියෙනවා. ඒක භාගේ ටිකට් එක. ෆුල් එක ශත පහයි. දෙල්කඳ සිට නුගේගොඩට 1968 දී.
    මම මේ බ්ලොගයේ පැරණි කතා නිරතුරුවම කියවන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි.
      ඔබ වැනි අය අපට ශක්තියක්.

      Delete