තනි පුද්ගලයෙකුගේ උත්සාහයෙන් ලද පොදුජන ජයග්රහණයක්ඒ බස් සමාගම් පැවති අවදියයි. කුමන ස්ථානයකින් බසයට නැගුනද මුළු ගමනටම අදාල ගාස්තුව අයකළ, ගාස්තු ක්‍රමයක් ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබුණි.
1951 දී ඉංගිරිය සිට පිට කොටුව දක්වා මාර්ග අංක 125 බස් රියේ ගමන්කළ මගියෙකුගෙන් අයකළ සම්මත ගාස්තුව වූයේ ශත 75කි. දිනක් හඳපාන්ගිඩින් බසයට ගොඩවූ "අප්පුහාමි" නම් ගැමියෙකි. ඔහු කොන්දොස්තර වරයාට ශත 80ක් දුන් අතර; අද වාගේම එදාද ඉතිරි ශත 05 ලබාදීමට කොන්දොස්තරවරයා අත මාරු සල්ලි තිබුණේ නැත.
ඒ හේතුවෙන් මගියා සහ කොන්දොස්තර වරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
අත පයද එකිනෙක ගැටුනි.
මගියා වහාම බසයෙන් බැස පොලීසියේ පැමිණිල්ලක්ද දමා, අවිසාවේල්ල උසාවියේ නඩුවක්ද ගොනුකළේය.
නඩුව ඇසුනි.
තීන්දුව ලැබුණි.
කොන්දොස්තරවරයා වරදකරු වූ අතර උසාවිය තුළදීම මගියාගෙන් සමාව ගෙන ඉතිරි මුදල ලබාදීමටත්, ඊට අමතරව දඩ මුදලක් ගෙවිමටත් නියම විය.
එතැනින්ද නොනැවතුනු අධිකරණය වහාම මාර්ග අංක 125හි බස් නතරකිරීම සඳහා ස්ථාන සළකුණු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් , අදාල පොලිස් ස්ථාන වලටත් නියෝග කරන ලදී.
මෙම ක්‍රමවේදයේ නිරවුල්භාවය නිසා ඉතා ඉක්මනින් ලංකාවේ සියලුම මාර්ග සඳහා එය ව්‍යාප්ත විය.
'සෙක්ෂන් ක්‍රමය' හෙවත් 'සීමාවන් මත ගාස්තු අයකිරීමේ ක්‍රමය' ආරම්භ වූයේ ඒ අයුරිනි.
සාධාරණය වෙනුවෙන් නොබියව කටයුතු කළ "හඳපාන්ගොඩ අප්පුහාමි" නම් ඒ ශ්‍රේෂ්ඨ පුරවැසියා පිළිබඳව වර්ථමානයේ බහුතරයක් දෙනා නොදන්නේ වුවද, ඔහුගේ මැදිහත්වීමෙන් ඇතිවූ බස් ගාස්තු ක්‍රමයේ ප්‍රතිලාබ ලබන්නෝය.
No comments:
Post a Comment