කොන්දොස්තරවරුන් සහ රියදුරන් අතින් සිදුවන නොයෙක් අක්‍රමිකතා වැලැක්වීම සඳහා නිරතුරුවම ලංගම බස් රථ වලට හදිසි කඩාපැනීම් සිදු කිරීම අනිල් මුණසිංහ මහතාගේ පුරුද්දක් විය. ලංගම සභාපතිවරයා තනිවම පැමිණ සිදුකරන මෙම කඩාපැනීම් නිසා සේවකයන්ගේ අක්‍රමිකතා බොහෝමයක් වැලැක්වීමට ඔහුට හැකියාව ලැබී තිබුණි.
අනික් අතට මුණසිංහ මහතා කොයිමොහොතේ කොතැනින් මතුවෙයිදැයි කිව නොහැකිවූ නිසා කිසිඳු වරදක් නොකිරීමට ලංගම සේවක මහතුන් ප්‍රවේශම් වන තතත්වයක්ද උද්ගතවී තිබුණි
![]() |
අනිල් මුණසිංහ මහතා ලංගම බසයක් පරීක්ෂා කරන අවස්ථාවක් |
එදා මේ බස් රියේ ගමන් කරමින් සිටි එක් මගියෙක් සිටියේ තමන්ට සිදුවන අසධාරණය පිළිබඳව කෝපයෙනි.
වේගයෙන් ගමන්කරමින් තිබූ බස් රිය පිටුපසින් පැමිණෙමින් තිබූ පැරනි පන්නයේ අශෝක් ලේලන්ඩ් බඩු ලොරියක නම දුටු ඔහුට අපූරු අදහසක් පහල විය.එම ලොරියේ ඉදිරිපස ''මුණසිංහ'' යනුවෙන් අලංකාරව පින්තාරුකර තිබුණි
තමන් අසලින් කොන්දොස්තරවරයා ගමන් කරන අවස්ථාවක් බලා සිටි ඔහු , කොන්දොස්තරවරයාට ඇසෙන පරිද්දෙන් මදක් ශබ්ද නගා, ''ඔන්න මුණසිංහ පිටිපස්සෙන් එනවා" යැයි පැවසීය.
ඒ ඇසුනා පමණි.
කළබලවූ කොන්දොස්තරවරයා බස් රියේ සිටි හැම දෙනාටම නැවත වරක් ටිකට් ලබාදෙන්නට වූයේ යක්ෂාවේශ වූ පරිද්දෙනි.
නමුත් ටික වේලාවකින් තමන් රැවටී ඇති බව වටහාගත් කොන්දොස්තරවරයා පෙර කී මගියාට පරුෂ වචනයෙන් දෝශාරෝපණය කරන්නට විය.
මගියාද පසුබට වූයේ නැත.
අත පයද එකිනෙක ගැටුණි.
බසයේ සිටි අනෙක් මගීන්ද ගැටළුවට මැදිහත් වන්නට විය.
කෙසේ හෝ අවසානයේ මේ ගැටලුව නතරවූයේද, ලංගම සභාපති අනිල් මුණසිංහ මහතා හමුවේය.
සාවධානව ගැටලුව අසාසිටියද ඒ මහතා ඒ වනවිටත් සත්‍ය සිද්දිය පිළිබඳව හොඳින් දැනුවත්ව තිබුණි.
අවසානයේ තම ආයතනය වෙනුවෙන් අසාධාරණයට ලක්වූ මගියාට කණගාටුව පළකල සභාපතිවරයා, ඒ වෙනුවෙන් ඔහුට වන්දියක්ද ලබාදීමට කටයුතු යෙදුවේය. චන්ඩි කොන්දොස්තරවරයාගේ සේවයද එතකින් නිමාවට පත් කෙරුණි
No comments:
Post a Comment