Showing posts with label ආපදා සේවා. Show all posts
Showing posts with label ආපදා සේවා. Show all posts

February 8, 2014

30ශ්‍රී5591 [ Running Repair Unit | Galle Depot ]


ගාල්ල ඩිපෝවට අයත් 30ශ්‍රී5591 අංක දරන මෙම අශෝක් ලේලන්ඩ් බස් රථය ගාල්ල ඩිපෝවේ 'ජංගම ඉන්ජිනේරු සේවාව' හෙවත් ' සුළු ආපදා අංශය' (Running Repair Unit)ලෙස ගාල්ල බස් නැවතුමේ සිට ක්‍රියාත්මක වේ. මෙම සුළු ආපදා අංශය මගින් ධාවන වාරයක් අතරදී බස් නැවතුමට පැමිණෙන බස් රථවල ඇණ මුරිච්චියක් තද කිරීම , රෝද වල වායු පීඩනය මැනීම වැනි සුළු සුළු කාර්මික කටයුතු ඉ‍ටුකරනු ලැබේ. 

අතීතයේ සෑම ප්‍රධාන බස් නැවතුමකටම අනුයුක්තව අදාල ප්‍රාදේශීයකය මගින් මෙවන් සුළු ආපදා අංශයක් පවත්වාගෙන ගියද, වර්ථමානය වනවිට ඒවා දැකිය හැකි වන්නේ බස් නැවතුම් කිහිපයකදී පමණි. මෙම සුළු ආපදා අංශය මගින් අඛණ්ඩ බස් ධාවනයක් සඳහා සපයන සේවය නම් කිසිසේත්ම සුළුප‍ටු නොවේ

30ශ්‍රී5591  Galle Depot
pix by - Darshana Chandimal